ජේවීපී එකට සල්ලි දීපු ඊබ්‍රාහිම්ව රකින්නේ ඇයි? - නාමල් රාජපක්ෂගෙන් මාලිමාවට සැර ප්‍රහාරයක්
පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ දේශපාලනීකරණය කරමින්, තෝරාගත් ක්‍රියාමාර්ග සහ අස්ථානගත දොස් පැවරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා රජයට චෝදනා කරයි.
ඔහු මේ බව කියා සිටියේ නෙළුම් මාවතේදී ඊයේ (20) මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දීමේදීය.
නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරන්නේ, එවැනි තත්ත්වයක් තිබියදී “කොහෙවත් යන පාර්ශව” වෙත පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඇඟිල්ල දික් කිරීම සාධාරණ නොවන බවයි.
තමන්ගේ පක්ෂයට සම්බන්ධ යැයි කියන පුද්ගලයන් ආරක්ෂා කරමින්, පසුව වෙනත් පාර්ශවයන්ට චෝදනා එල්ල කිරීම දේශපාලන වශයෙන් අසාධාරණ ක්‍රියාවක් බවද ඔහු අවධාරණය කළේය.
තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා;
"පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා. මේ ආණ්ඩුව තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා. එක පැත්තකින් කලින් පිල්ලෙයාන් හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගත්තා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්.විෂය භාර ඇමතිවරයා පාර්ලිමේන්තු ඇවිත් කිව්වා ඔහු අනාවරණය කරලා තියෙනවා තොරතුරු රාශියක් කියලා. ඔහු උසාවියට ඉදිරිපත් කරන්නේ මොකටද වෙනත් ඝාතනයක් සම්බන්ධයෙන් උසාවියට ඉදිරිපත් කරන්නේ.
කුමාරගේ පිටින් පොලිස්පතිගෙත් වැරදි අල්ලන්න යන නාමල් - තුන්පාරක්ම කුමාරව රකින්න ආපු නිසා අනුරගේ මූණෙත් දැලි
ඒ වගේම අද සුරේශ් සලේ අපේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා අත්අඩංගුවට අරගෙන තියෙනවා ඔහුව ප්‍රශ්න කරනවා. හැබැයි කවුද ඔහුව ප්‍රශ්න කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ බුද්ධි අංශ වාර්තා ලාච්චුවේ හංගගෙන හිටපු දෙන්නා. දැන් ඒ දෙන්නම තමයි ගල් අඟුරු ගැන හොයන්න යන්නේ. ඒක තමයි හොඳම විහිළුව. තමන්ගේ දේශපාලන වේදිකාවේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපෙන් අහනවට වඩා ඔබතුමා ඔය ප්‍රශ්නය අහන්න ඕන ජේවීපී එකෙන් හරි ඊබ්‍රාහිම්ගෙන් අහන්න කියලා ඇයි පුතාලා දෙන්න එහෙම කරේ කියලා.
දැන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මහ මොලකරුවෙක් ඉන්නවා රාජපක්ෂලා කියල කියනවනේ ඉතින් ඊබ්‍රහම් මහත්තයා දන්නවා ඇතිනේ. එයාගේ පුතාලා දෙන්නා ත්‍රස්තවාදියෝ වුණේ රාජපක්ෂල නිසාද වෙන හේතුවක් නිසාද කියලා ඔහු තාම ජවිපෙ එකේ සාමාජිකයෙක්නෙ. ජාතික ලැයිස්තුවේ හිටියනේ ජේවීපී එකට වියදම් කරානේ තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපලත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියන්ට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ.."