ජනතාවට විවෘත වුන සුන්දර පේරාදෙණිය සරසවිය - විශේෂ අවස්ථාවන් රැසක්..

By krishani Jun 11, 2023 04:59 AM GMT
Report

මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය නගරයට ආසන්නව හන්තාන කඳු පන්තියේ බටහිර බෑවුම සහ මහවැලි ගංඟාව අතර මනරම් පරිසරයක පිහිටා ඇති ස්වභාවික පරිසර පද්ධතියකට හිමිකම් කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලය ජනතාවට නැරඹීම සඳහා විවෘත කර තිබෙනවා.

ඒ අනුව ජූලි 1 වනදා විවෘත දිනයක් ලෙස එය ප්‍රකාශයට පත් කර ඇත.

එය ඕපන් ඩේ 2023 ලෙස නම් කර ඇත.

වසර 80 කට පෙර ආරම්භ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙලෙස ජනතාවට නැරඹීම සඳහා විවෘත වන්නේ පළමු වරට වන අතර එදිනට විශ්වවිද්‍යාලයේ සියළුම පීඨයන් ජනතාව වෙනුවෙන් විවෘතව තැබෙයි.

ඒ තුළ විද්‍යා ප්‍රදර්ශනයන් සහ සංස්කෘතිකාංගයන් ද දැක බලාගැනීමට ජනතාවට  අවස්ථාව ලැබෙයි.

එමෙන්ම උසස් අධ්‍යාපනය පිළිබඳ පවතින ගැටළු නිරාකරණය කරගැනීමට ද මෙහිදි හැකියාව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join