මෙරට රජයේ විශ්වවිද්‍යාලයක සිසුන්ට එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.

Report

අද (18) දින කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා තිබූ සෙසු පීඨවල අධ්‍යයන කටයුතු සම්පුර්ණයෙන්ම ආරම්භ කිරීමට නියමිතයි.

මෙරට රජයේ විශ්වවිද්‍යාලයක සිසුන්ට එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න. | University Of Kelaniya

පසුගිය 5 වැනිදා විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා තාවකාලිකව වසා දැමිණ.

ඒ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකුට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් ය.

නමුත් පසුගිය සඳුදා එම විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය, පරිගණක හා තාක්ෂණය පීඨය, වාණිජ හා කළමනාකරණ පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ විය.

කෙසේ වෙතත්, සෙසු පීඨ දෙකේ අධ්‍යයන කටයුතු අද ආරම්භ කිරීමට නියමිතව ඇත.

මෙරට රජයේ විශ්වවිද්‍යාලයක සිසුන්ට එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න. | University Of Kelaniya

වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන සහ මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා,

"පසුගිය දා කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙක් හා ආරක්ෂක අංශයේ නිලධාරීන් කිහිපදෙනෙක් අතර ඇති වූ ගැටලුමක් මුල්කරගෙන පීඨ වසා දමනු ලැබුවා.

විශ්වවිද්‍යාලය වසා දැමීමෙන් අනතුරුව මේ ගැටුම්වලට සම්බන්ධ විමර්ශනය සඳහා කමිටු තුනක් පත්කළා.

ඒ අනුව විශ්වවිද්‍යාලය අදියර කිහිපයකින් විවෘත කිරීමට තීරණය කළා.

අද මානව ශාස්ත්‍ර පීඨය හා සමාජ විද්‍යා පීඨයේත් අධ්‍යයන කටයුතු ආරම්භ වෙනවා. මේ වෙද්දි සියලු පීඨවල අධ්‍යයන කටයුතු පෙර පරිදි ආරම්භ වෙනවා." යනුවෙන් ය.