"වැඩියෙන්ම වෙන්නේ රාත්‍රී 12 ත් පාන්දර 5 ත් අතර කාලයේලු.." - කැම්පස් හොස්ටල්වල මහ රෑට කරන්න යන දේ මෙන්න..

Sri Lanka
By krishani Oct 11, 2023 06:00 PM GMT
krishani

krishani

Report

දිවයින පුරා ඇති විශ්වවිද්‍යාල තුළ සිදුවන නවක වද සිදුවීම් වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවට  උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් සඳහන් කළේ ය.

ඒ අනුව විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරීක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම විශ්වවිද්‍යාල නේවාසිකාගාර අරාක්ෂිත ස්ථාන බවට පත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙම තීරණය ගෙන ඇත්තේ නේවාසිකාගාරවල රාත්‍රී 12 ත් අලුයම 5 ත් අතර කාලයේ නවක වදය වැඩි වශයෙන් සිදුවන බවට ලැබුණු තොරතුරු හේතුවෙන් බව ඔහු පැවසීය.

ඒ සඳහා විශ්වවිද්‍යාල විනයාරක්ෂක නිලධාරීන් හා ශිෂ්‍ය උපදේශකයින් යොදවනු ලබයි.

කෙසේ වෙතත්, නවක වද සිද්ධි පැමිණිලි කිරීමට වට්ස්ඇප් අංකයක් ද හඳුන්වා දී ඇති අතර ඒ සඳහා ද පැමිණිලි ලැබෙමින් ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ය.

ReeCha