සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කෙරේ..!

Report

එළැඹෙන ජනාධිපතිවරණයේදී සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කරන බව විමල් වීරවංශ මහතා පැවසීය.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ, මේ වනවිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එම එකමුතුවේ මහා සමුළුව අමතමිනි.

ඡන්දය ගැන මුස්ලිම් කොංග්‍රසයේ ස්ථාවරය ප්‍රකාශ කෙරේ..! සහය කාටද..?

ඡන්දය ගැන මුස්ලිම් කොංග්‍රසයේ ස්ථාවරය ප්‍රකාශ කෙරේ..! සහය කාටද..?

මීටපෙර 2024 ජනාධිපතිවරණය සඳහා මේ දක්වා අපේක්ෂකයින් 14 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

ඒ අනුව මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, කේ. ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි සහ අක්මීමන දයාරතන හිමි යන අය විසින් මෙලෙස ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.


Gallery