දෙදෙනෙකුගේ ජීවිත බේරා දිවියට සමුදුන් සචිනි..

By Sithumi Nov 12, 2022 04:54 PM GMT
Sithumi

Sithumi

Report

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ පළමු වසරේ ශිෂ්‍යාවක් වන සචිනි ලක්ෂාණි ගලප්පත්ති සිසුවිය පසුගිය 31වනදා රියඅනතුරක ලක්වුණේ මෝටර් රථයක රියදුරෙකුගේ නොසැලකිලිමක් රිය ධාවනය හේතුවෙන්.

සිය අධ්‍යනය කටයුතු අවසන් කර යෙහෙළියන් සමග නේවාසිකාගාරය වෙත පැමිණෙමින් සිටියදී රියදුරුගේ පාලනයෙන් ගිලිහුණු මෝටර් රථය සචිනි සහ ඇයගේ යෙහෙළියන් අනතුරට ලක් කර තිබුණි.

   බරපතළ තුවාල ලබා සිටී සචිනි පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර යැවිණා එහිදී ප්‍රතිකාර කළද පසුගිය 8 වැනිදා වෛද්‍යවරුන් හඳුනාගෙන ඇත්තේ සචිනිගේ මොළය මියගොස් ඇති බවයි.  

මේ බව වෛද්‍යවරුන් ඇයගේ පවුලේ සාමාජිකයින් දැනුවත් කර ඇති අතර එහිදී සචිනිගේ ශරීර අවයව දන්දීමට ඔවුන් කැමත්ත පළ කර තිබෙනවා. ඒ අනුව ඇයගේ ඇස්, අක්මාව සහ වකුගඩු දන් දීමට කටයුතු කර තිබේ.  

ඉන් අනතුරුව සචිනිගේ නිසල දේහය ඇය පදිංචිව සිටි තංගල්ල පල්ලික්කුඩාව ප්‍රදේශයේ නිවසට රැගෙනවිත් ඇති අතර ඊයේ (11) ඇයගේ අවසන් කටයුතු සිදුකර කළා.