රත්තරන් ගන්න හොදම දවස අද - 3000කින් අඩු වුණු අද රන් මිලේ වාර්තාගත අගයන් මෙන්න
ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ යාමට සාපේක්ෂව පසුගිය සතිය තුළ මෙරට රන් මිල ද සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.
ශ්රී ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කළේ පෙරේදා දිනයට සාපේක්ෂව ඊයේ (21) දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 3,000කින් පහළ ගොස් ඇති බවයි.
ඒ අනුව, ඊයේ දිනය වන විට මෙරට වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 342,000ක් ලෙස සටහන් වූ අතර, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 314,700ක් ලෙස සටහන් වී තිබුණි.