මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් - ඉදිරි සේවාවන් ලබා ගන්නේ මෙහෙමයි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබේ. කෙසේ වෙතත්, නාරාහේන්පිට කාර්යාලයට පැමිණෙන මහජනතාව සඳහා වේලාවක් වෙන්කරගැනීමේ (Appointment) පද්ධතියට මෙම ප්‍රහාරයෙන් කිසිදු බලපෑමක් සිදුව නොමැති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඒ අනුව, නාරාහේන්පිට කාර්යාලයෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන පිරිස් සුපුරුදු පරිදි https://dmtappointments.dmt.gov.lk/ වෙබ් අඩවිය ඔස්සේ වේලාවක් වෙන්කරගෙන පැමිණිය යුතු බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.