මේ උපාධිධාරීන්ට සුබම සුබ ආරංචියක් - රජයෙන් මේ පුහුණුව කඩිනම් කිරීමට උපදෙස්

Report

ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව කඩිනමින් ආරම්භ කිරීම සහ ඒ සඳහා පවතින ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, අදාළ උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව කඩිනමින් ආරම්භ කිරීමටත් ඊට ඇති බාධා නිරාකරණය කරමින් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් එකඟතාව පළ විය.

පස් අවුරුදු උපාධි පාඨමාලා සාර්ථකව අවසන් කළ උපාධිධාරීන් සඳහා නියමිත වසරක අනිවාර්ය සීමාවාසික පුහුණුව ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික හා පරිපාලනමය ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

බඹරේ වැල්ලේ කැරකෙන කිරි ගහට ඇන්නා වගේ වැඩ තිතට හරියන අද දවසේ පලාපල

බඹරේ වැල්ලේ කැරකෙන කිරි ගහට ඇන්නා වගේ වැඩ තිතට හරියන අද දවසේ පලාපල

ඒ අනුව, එළැඹෙන වසර තුළ සීමාවාසික පුහුණුව සඳහා කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමට තීරණය වී ඇති අතර, එහිදී ඇතිවිය හැකි ගැටලු නිරාකරණය කිරීම සඳහා අදාළ ආයතන මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය, යාපනය විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය පීඨය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය පීඨය යන පීඨවල උපාධිය සම්පූර්ණ කළ පිරිසකට මෙම පුහුණුව හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නාගවිල්ලුව දුම්රිය ස්ථානය කළඹමින් නන්නාදුන මළ සිරුරක්

නාගවිල්ලුව දුම්රිය ස්ථානය කළඹමින් නන්නාදුන මළ සිරුරක්

යෝජිත වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි මධ්‍යම රජයේ සහ පළාත් සභා ආයුර්වේද රෝහල්වලදී ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන්ට වසරක පුහුණුව ලබාදීමට නියමිතය.