රාජ්‍ය සේවකයින්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් වැඩි වන හැටි ගෙවන දින අග්‍රාමාත්‍යවරිය හෙළි කරයි
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ සියලුම රාජ්‍ය සේවකයන්ට සහ ගුරුවරුන්ට හිමි තුන්වන වැටුප් වැඩිවීම ලබන වසරේ ජනවාරි මාසයේදී ලබාදීමට කටයුතු කරන බවයි.
එමෙන්ම, දැනට පවතින වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතා නිරාකරණය කිරීම සඳහා පත්කර ඇති විශේෂ කොමිසමේ වාර්තාව ලබන වසරේ ජූලි මාසයේදී ලැබීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
එම කොමිසමේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් පවතින වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.