ආරුක්කු නමය පාලම ගැන අවාසනාවන්ත කතාවක් එළියට

Report

දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් මෝදර ආරුක්කු 9 පාලමේ විදුලි ආලෝක කිරීමේ ව්‍යාපෘතිය කල්දැමීමට සිදුව ඇත.

ඒ පුද්ගලික ඉඩමක් හරහා විදුලි රැහැන් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇති ගැටලුව හේතුවෙන් බව  මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාංකුරේ පැවසුවේ, ආරුක්කු 9 පාලම සහ ඒ අවට විදුලි ආලෝකය සඳහා ඉදිකර ඇති ට්‍රාන්ස්ෆෝමරයට විදුලිය ලබා ගැනීමට අවශ්‍ය විදුලි රැහැන් පෞද්ගලික ඉඩමක් හරහා ලබා ගැනීමේදී එම ඉඩම් හිමියන්ගේ විරුද්ධතාවය මෙම ප්‍රමාදයට හේතු වී ඇති බවයි.

රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

විදුලි රැහැන් වෙනත් ක්‍රමවේදයක් හරහා ලබා ගැනීම සඳහා ද සැලසුම් කර ඇති අතර, එය තරමක සංකීර්ණ කටයුත්තක් වුවද, මෙම ව්‍යාපෘතිය මෙම මස තුළ අවසන් කිරීමට සැලසුම් කර තිබුණත් දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වී ඇත.

දෙමෝදර ආරුක්කු 9 පාලම සහ ඒ අවට සංචාරක කලාපයක් ඇති කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ දුම්රිය දෙපාර්තමේන්තුව සමග එක්ව හවුල්කාර ව්‍යාපෘතියක් ලෙස සංචාරක කලාපය ආරම්භ කිරීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

පහළ කඩුගන්නාව නායයෑමෙන් මියගිය සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළට

පහළ කඩුගන්නාව නායයෑමෙන් මියගිය සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළට