දරුවන්ට?. අග්‍රාමාත්‍යවරියගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..

Prime minister Government Of Sri Lanka Harini Amarasuriya Education National People's Power - NPP
By krishani Jan 03, 2025 06:20 PM GMT
krishani

krishani

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ පොදු විභාග ක්‍රමයක් යටතේ විභාගයට මුහුණ දෙන රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු බවයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ පළාත් අධ්‍යාපන ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ දී පැවති හමුවක දී ය.

එහිදී, තම රජයට අධ්‍යාපනය ඉතා වැදගත් විෂයක් බවත් ඒ සඳහා රජය විශේෂ අවධානයක් සහ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ ය.

නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකයි.. වහා, වැඩබලන පොලිස්පති දුන්න නියෝගය මෙන්න..

නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකයි.. වහා, වැඩබලන පොලිස්පති දුන්න නියෝගය මෙන්න..

ලාෆ්ස් ගෑස් මිලට මොකද වෙන්නේ?. රටම බලන් හිටිය.. ජනවාරි මාසේ ලාෆ්ස් ගෑස් මිලේ තීරණය..

ලාෆ්ස් ගෑස් මිලට මොකද වෙන්නේ?. රටම බලන් හිටිය.. ජනවාරි මාසේ ලාෆ්ස් ගෑස් මිලේ තීරණය..

එමෙන්ම, පුනරුද යුගයක් වෙනුවෙන් පරිවර්තනයන් සිදු කිරීම තම රජයේ අපේක්ෂාව බව ඇය පැවසීය.

ඒ සඳහා අවශ්‍ය මානව සම්පත නිර්මාණය වන ප්‍රධාන ස්ථානය වන්නේ අධ්‍යාපනය බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ය.

මෙහිදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියේ ය.

You May Like This Video👇 

.

ReeCha