ප්‍රංශයෙන් නිවාඩු කපන්න යයි

By Hashini Jul 17, 2025 01:20 PM GMT
Report

මුදල් ඉතිරි කර ගැනීමේ අරමුණෙන් ප්‍රංශයේ රජයේ නිවාඩු දින දෙකක් අවලංගු කිරීමට එරට අගමැති ෆ්‍රැන්කොයිස් බයිරූ යෝජනා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ අයවැය පරතරය පිරවීම සඳහා වියදම් කප්පාදු කිරීමට රජය ඉලක්ක කරන බැවින්, මෙලෙස රජයේ නිවාඩු දින දෙකක් ඉවත් කිරීමට සලකා බලමින් සිටින බවයි.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

දැනට ප්‍රංශයේ තිබෙන රජයේ නිවාඩු දෙකක් වන පාස්කු සඳුදා හා යුරෝපයේ දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමට බලපෑ මිත්‍ර පාර්ශවයන්ගේ ජයග්‍රහණ දිනය සමරන මැයි 08 වැනිදා නිවාඩු ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස යෝජනා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එළැඹෙන සරත් ඍතුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මීළඟ අයවැය පරාජය වීමේ අවධානමකට පත්ව ඇති අතර එලෙස සිදුවුණොත් ප්‍රංශ රජය බිඳ වැටීමට ඉඩ ඇති බවයි.

ඇමරිකාවේ සුරතල් බල්ලා ඊශ්‍රායලය - දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන්න අපි සුදානම්

ඇමරිකාවේ සුරතල් බල්ලා ඊශ්‍රායලය - දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන්න අපි සුදානම්