කුරුළු උයනේ හිමිකරු රිමාන්ඩ්

Report

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරු අද (17) උදෑසන නාරාහේන්පිට ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සිටි ඔෆ් ඩ්‍රීම්ස් උත්සවයට ශාරුක් නෑ

සිටි ඔෆ් ඩ්‍රීම්ස් උත්සවයට ශාරුක් නෑ

පසුගියදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් සොයාගනු ලැබීය. මෙම එක් යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එකහමාරකට වඩා වැඩි බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර, මෙහිදී කුරුලු උයන පරිශ්‍රයේ නීතිවිරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැළ 04ක් සමග මෙම සත්ත්ව ගොවිපොළේ කළමනාකරු හා ගබඩා පාලකයා ද පොලිස් අත්අඩංගුවට පත්විය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 40 හා 50 වයස්වල පසුවන මාතර හා මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. 

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ