අපි විවාහ වෙලා දැන් අවුරුදු 4ක් වෙනවා, ඔහු ප්‍රංශ ජාතිකයෙක්, මමත් ගොඩක් ආසයි අම්මා කෙනෙක් වෙන්න-උමාරියා සිංහවංශ (PHOTOS )
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී ගායන ශිල්පිනියක් තමයි උමාරියා සිංහවංශ කියලා කියන්නේ. ඒ වගේම ඇය ප්‍රේක්‍ෂකයන් අතරට එන්නේ පැතු පෙම් පැතුම් ගීතයෙන්. ඉතින් දැන් ඇය ගීත 200කට වඩා ගායනා කරලා තියෙනවා.
ඒ වගේම විවිධ භාෂා ශෛලින්ගෙන් ගී ගැයීමට විශේෂ දක්‍ෂතාවක් ඇති උමාරියා පිළිබඳ ශ්‍රී ලාංකීය ප්‍රේක්‍ෂකයන්ගේ ආදරයෙන් අවධානයෙන් තව තවත් ඇයව ඇඳ බැඳගත්තේ පසුගියදා වනිතාභිමානී වසරේ ජනප්‍රියතම කාන්තාව ලෙස පිදුම් ලැබීමත් සමඟයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය දැන් කළා ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 17 ක් වෙනවා.
ඒ වගේම ඇයගේ කලා ජීවිතේ දිහා ආපස්සට හැරිලා බැලුවොත් ඇයට මාර සතුටක් දැනෙනවා කියලත් ඇය කියනවා. මොකද ඇයට එක එක නිර්මාණවලට දායක වෙන්න ලැබිලා තියෙන නිසා. ඉතින් ඇයට විවිධ ගීත කියන්න, අත්හදාබැලීම් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම සුබ කාල, අසුබ කාල සියල්ල විඳගෙන තමයිලු ඇය මේ ගමන ආවේ. ඉතින් සුන්දර තැන් වගේම අසුන්දර තැන් වලටත් නොසෑහෙන්න මූණ දෙන්න වුණා කියලත් ඇය කියනවා.



