සැකකටයුතු මරණ දෙකක් හමුවෙයි..!
ඊයේ (12) කිරිඳිවැල පොලිස් වසමෙන් සහ වලස්මුල්ල පොලිස් වසමෙන් සැකකටයුතු මරණ දෙකක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.
වලස්මුල්ල පොලිස් වසමේ ගිනිගල්ගොඩැල්ලයාය ප්‍රදේශයේ නිවසක් තුළ මෙසේ 65 හැවිරිදි කැබැල්ලකැටිය ප්‍රදේශයේ කාන්තාවක් සැකකටයුතු ලෙස ලෙස මියගොස් තිබේ.
වලස්මුල්ල පොලීසිය විසින් මියගිය කාන්තාවගේ හිසේ තුවාල සහ ලේ පැල්ලම් කිහිපයක් තිබෙන බවට නිරික්ෂණය වී ඇති හෙයින් මෙම මරණය ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
එමෙන්ම, කිරිඳිවැල, හංගමුවත්ත ප්‍රදේශයේ නිවසක් අසල පහරදීමක් හේතුවෙන් වැටී සිටි පුද්ගලයකු රදාවාන රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ, 62 හැවිරිදි උඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා පහරදීමක් හේතුවෙන් මියගොස් ඇත්ද නැතහොත් වෙනත් හේතුවක් නිසා මියගොස් ද යන්න සම්බන්ධව කිරිඳිවැල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
