ප්‍රථමවරට රියදුරන් නොමැතිව නතර වූ දුම්රිය

Report

 කොළඹ කොටුව සහ මඩකලපුව අතර ධාවනය වන උදයදේවී ශීඝ්‍රගාමී දුම්රිය ප්‍රථමවරට රියදුරන් නොමැතිවීම හේතුවෙන් ධාවනය නතර වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, මෙලෙස එම දුම්රිය ඊයේ (4) සහ අද(5) ධාවනය නොවූ බවයි. එමෙන්ම රියදුරන් නොමැතිව හෙට දිනයේ ද උදයදේවී දුම්රිය ධාවනය නොවන බව පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

දීර්ඝ සති අන්තයක මෙම දුම්රිය ධාවනය නොවීමෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්වූ අතර දුම්රිය දෙපාර්තමේන්තුවට ද විශාල පාඩුවක් සිදුවන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව තවත් දුම්රිය කිහිපයක් රියදුරන් නොමැති වීම හේතුවෙන් ධාවනය නොවූ බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now