ස්වාධීන මන්ත්‍රිවරුන් ජනපතිගෙන් කොමිසමක් ඉල්ලයි..I
මැයි 9 වනදා සිට ජූනි 12 දක්වා සිදුවූ ප්‍රචන්ඩ ක්‍රියා සහ ඒවා ඇතිවීමට හේතු මෙන්ම එහි පසුපස සිටි පුද්ගලයින් පිළිබඳ සොයා බලා විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
මේ ඒ සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල.
"මැයි 9 වනදා සිට ජූලි 12 වනදා දක්වා දෙපාර්ශවයෙන් සිදුවු ප්‍රචණ්ඩ ක්‍රියා, ඒවා ඇතිවෙන්න හේතු, ඒවා පසුබිමේ හිටියේ කවුද යන කාරණා සොයා බැලීමට වහාම ජනපති කොමිසමක් පත්කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ජනතාව අද මුහුණදෙන දුෂ්කරතා බිහි වුණේ, වංචා, දූෂණ, නොසැලකිල්ල සහ හිතාමතා ගත් වැරදි තීරණ නිසා. ඒකට වගකිව යුත්තෝ කවුරුන්ද? එයට ලබාදිය යුතු දඬුවම් මොනවා ද? යළි මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන නිර්දේශ කිරීමට අනිවාර්යෙන්ම ජනාධිපති කොමිසමක් පත්කළ යුතුයි. එවැනි කොමිසමක් පත් කළොත් මේ රට මේ තැනට ඇද දැමීමට නොසැලකිල්ලෙන් වැරදි තීරණ ගනිමින් කටයුතු කළේ කවුද කියලා සාක්ෂි සහිතව කරුණු දක්වන්න මම සුදානම්."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |