උඩදියලුම මියගිය තරුණියගේ පෙම්වතා රිමාන්ඩ්..!
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
වනඅලි ප්‍රහාරයකින් උඩදියලුම ප්‍රදේශයේ දී තරුණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණියගේ පෙම්වතා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සැකකරුව මෙම මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කර ඇත.
පසුගිය මැයි මස 11 වනදා පස්වරුවේ කොස්ලන්ද දියලුම දිය ඇල්ලේ උඩදියලුම ප්‍රදේශයට පැමිණි තරුණ යුවළක් රාත්‍රියේ එහි කඳවුරු බැඳ තිබුණි.
පසුව රාත්‍රියේ එම යුවළට එල්ලවූ වනඅලි ප්‍රහාරයකින් තරුණිය ජීවිතක්ෂයට පත්විය. එහිදී තුවාල ලැබූ තරුණයා ද රෝහල් ගතකර ප්‍රතිකාර ලැබීය.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පෙම්වතා ලබාදුන් ප්‍රකාශ එකිනෙකට පරස්පර වීම හේතුවෙන් කොස්ලන්ද පොලීසිය විසින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගත්තේය. සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
