මහනුවර දරුණු ඛේදවාචකයක් - මහල් 5කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටේ

Report

මහනුවර ඊ.එල් සේනානායක වීදියේ මහල් 5කින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් කම්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර අද (24) පෙරවරුවේ සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. වැඩිදුරටත් පොලිසිය සඳහන් කරන්නේ කඩා වැටුණු කොන්ක්‍රීට් කැබැල්ලකට යටවී සිටි අයෙකු අසළ සිටි පිරිස් විසින් බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවයි.

අදාළ ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිටතට පන්නා තිබූ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

26, 27, 28 දින වලදී රටටම වෙන්න යන දේ මෙන්න - ජනතාව ප්‍රවේශම් වෙන්න

26, 27, 28 දින වලදී රටටම වෙන්න යන දේ මෙන්න - ජනතාව ප්‍රවේශම් වෙන්න