මාවනැල්ල ගඩොල් පාලම උඩදී භයානක අනතුරක් - වෑන් එකයි ටිපර් එකයි මුහුණට මුහුණ ගැටෙයි

Report

මාවනැල්ල ගඩොල් පාලම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අද දහවල් අරණායක දෙස සිට මාවනැල්ල නගරය දෙසට ගමන් කරමින් තිබූ කුඩා ප්‍රමාණයේ වෑන් රථයක් සහ මාවනැල්ල නගරයේ සිට උස්සාපිටිය දෙසට ගමන් කරමින් තිබූ වැලි ප්‍රවාහනය කළ ටිපර් ලොරි රථයක් ගඩොල් පාලම මතදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මාවනැල්ල පොලිසිය සඳහන් කර තිබේ.

 අනතුරට සම්බන්ධ ටිපර් රථය බලපත්‍ර සහිතව වැලි ප්‍රවාහනය කරමින් ගමන් කරමින් තිබූ බවද පොලීසිය සඳහන් කර ඇත.

 අනතුරින් වෑන් රථයේ ගමන් කරමින් සිටි සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා මාවනැල්ල මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින් අතරින් එක් අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත මෙම අනතුර සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි   

IOC එකෙනුත් ජනතාවට සහනයක් පෙට්‍රල් මිල අද ඉඳන් පහළට - අලුත් මිල ගණන් මෙන්න

IOC එකෙනුත් ජනතාවට සහනයක් පෙට්‍රල් මිල අද ඉඳන් පහළට - අලුත් මිල ගණන් මෙන්න