බලවේග කට්ටල සහ එන්ජින් හිඟයක් - දුම්රිය ගමන් වාර 4ක් එකපාරටම අවලංගුයි

Report

බලවේග කට්ටලයක් සහ දුම්රිය එන්ජිමක් නොමැතිවීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් ඇතුළුව දුම්රිය ගමන් වාර 04ක් අවලංගු කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සදහන් කර තිබේ .

එහි ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ, අද සහ හෙට පස්වරු 4.00ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය කිරීමට නියමිත දුම්රිය මෙන්ම, උදෑසන 5.55ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය යන ගමන් වාර දෙක සඳහා බලවේග කට්ටලයක් නොමැතිවීම හේතුවෙන් එම ගමන් වාර අවලංගු කර ඇති බවයි

ඒ වගේම ප්‍රධාන මාර්ගයේ ධාවනය වන පාර්සල් ප්‍රවාහන දුම්රිය සඳහා යෙදවීමට දුම්රිය එන්ජිමක් නොමැතිවීම හේතුවෙන් අද දින එම දුම්රියේ ගමන් වාර දෙකද අවලංගු කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ මේ වනවිට දිගින් දිගටම දුම්රිය ගමන් වාර අවලංගු වීම සහ දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙමින් ඇති බවද දුම්රිය ස්ථානාධිපති සංගමය පෙන්වා දෙයි.

එම තත්ත්වය හේතුවෙන් දෛනිකව දුම්රිය සේවය භාවිත කරන මගී ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කර තිබේ 

IOC එකෙනුත් ජනතාවට සහනයක් පෙට්‍රල් මිල අද ඉඳන් පහළට - අලුත් මිල ගණන් මෙන්න

IOC එකෙනුත් ජනතාවට සහනයක් පෙට්‍රල් මිල අද ඉඳන් පහළට - අලුත් මිල ගණන් මෙන්න