තුම්මෝදර බිහිසුණු ඝාතනයේ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ..

Sri Lanka Police Sri Lanka Murder
By Piyumika Aug 10, 2024 05:53 AM GMT
Piyumika

Piyumika

Report

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු හංවැල්ල පොලීසිය විසින් ඊයේ (09) අත්අඩගුවට ගනු ලැබුවා .

සිගිත්තියකට බරපතල තුවාල සිදු කරමින් කාන්තාවකට දිවි අහිමි කල මාරක අනතුර..

සිගිත්තියකට බරපතල තුවාල සිදු කරමින් කාන්තාවකට දිවි අහිමි කල මාරක අනතුර..

අගෝස්තු 06 වනදා හංවැල්ල පොලිස් වසමේ තුම්මෝදර කුමාරි ඇල්ලට යන මාර්ගයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඝාතනයට සම්බන්ධ එක් අයෙකු වරකාපොලදී අත්අඩංගුවට ගැනුණි .

තුවාල උන සහෝදරයා රෝහලට අරන් යන ටිකට සුව සැරියේ සහයිකාවට සැරයන් සහෝදරයා කල දේ..

තුවාල උන සහෝදරයා රෝහලට අරන් යන ටිකට සුව සැරියේ සහයිකාවට සැරයන් සහෝදරයා කල දේ..

එම සැකකරු වයස 24 ක් වන දොලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මෙම අපරාධයට ආධාර අනුබල ලබාදුන් අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 47ක් වන එම පුද්ගලයා හේවාදුන්න ප්‍රදේශයේ පදිංචිකරුකරුවෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ReeCha