Facebook ඉන්නවනම් මේවට අහුවෙන්න එපා

Report

මුහුණු පොතේ පළවූ ව්‍යාජ දැන්වීමක් පිළිබඳව යතුරුපැදියක් මිලදී ගැනීමට ගිය තරුණයින් දෙදෙනෙකුගෙන් රුපියල් 165,000ක් කොල්ලකෑමට ලක්වූ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකුගේ බිරිඳ දෙනියාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දැවැන්තයෙක්ට වෙඩි පහරක් - ජීවිතයත් මරණයත් අතර සටනක

දැවැන්තයෙක්ට වෙඩි පහරක් - ජීවිතයත් මරණයත් අතර සටනක

පොලීසියට වාර්තා වූයේ, මුදලින් කොටසක් සහ ඒ මුදලින් මිලදී ගත් නව ජංගම දුරකථනය එම කාන්තාව සතුව තිබූ බවය. එම දේවල් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම සිදුවීමේ ආරම්භය වූයේ, කොළඹ කඩවත ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙක් මුහුණු පොතේ දැක්වූ දැන්වීමකට අනුව යතුරුපැදියක් මිලදී ගැනීමට දෙනියාය කෑරල්ගොඩ ප්‍රදේශයට පැමිණීමයි. රාත්‍රි කාලයේදී සැකකරු ඔවුන්ව එම ස්ථානයට කැඳවමින්, ඔවුන් සතුව තිබූ මුදල් සන්තකයටගෙන පළාගිය බවට වාර්තා වේ.

යෝෂිත හා ඩේසි ආච්චිට අධි චෝදනා

යෝෂිත හා ඩේසි ආච්චිට අධි චෝදනා

අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය වරදකට සැකපත්ව සිටින ප්‍රධාන සැකකරුගේ බිරිඳ බව පොලීසිය තහවුරු කර ඇත.

දෙනියාය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරරත්න මහතා පැවසුවේ, කොල්ලය සිදුකළ සැකකරු මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඔහු මේ වනවිට පලා යාමෙන් පසුව ප්‍රදේශයෙන් සැඟවී සිටින බවයි.

2026 අයවැය මෙන්න

2026 අයවැය මෙන්න

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා දැඩි පරීක්ෂණ ක්‍රියාත්මක වන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.