කෝ රටේ නීතිය ? මත්ද්‍රව්‍ය වලට එරෙහිවුණාට පොලිසිය වගේ ඇවිත් මරලා දාලා
කහවත්තේ තරුණයෙකු පොලීසිය බව පවසන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර ඇති අතර, තවත් තරුණයෙකු බරපතළ තුවාල වලට ලක්ව රෝහල්ගත කර තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි ඉමන්ත සුරන්ජන නම් තරුණයෙකි.
පැහැරගැනීම සිදුකර ඇත්තේ ජීප් රථයකින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් වන අතර, ඔහුන් දෙදෙනා කිලෝමීටර් 5ක් පමණ දුරින් පිහිටි පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් වෙඩි තැබූ බවට පොලීසිය සඳහන් කළේය.
ඝාතනයට මත්ද්‍රව්‍ය ජාවාරමට විරුද්ධව ක්‍රියා කිරීම හේතුවක් වී තිබෙන බවත්, මරණ තර්ජන වට්ස්ඇප් ඔස්සේ ද ලැබී තිබූ බවත් පවුලේ අය පවසති.
මේ වනවිට කහවත්ත පොලිසිය සහ විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, පැල්මඩුල්ල මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද පැවැත්වී ඇත.