කොහෙන් ආවත් න්‍යෂ්ටික අනතුරු ගැන කළින්ම දැන ගන්න ලංකාවටත් පද්ධතියක්

Report

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව මඟින් න්‍යෂ්ටික අනතුරකදී විකිරණ මට්ටම් නිරීක්ෂණය කිරීමට පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

එසේම මෙය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ සහයෝගීත්වය මත ක්‍රියාත්මක වන බවද සඳහන්.

මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දක්වන්නේ මෙම පද්ධති නිර්මාණය කර ඇත්තේ, අවට රටවල න්‍යෂ්ටික බලාගාරවල සිදුවන ස්වභාවික හෝ කෘතිම අනතුරු නිසා ශ්‍රී ලංකාවට ඇතුළුවිය හැකි විකිරණ හඳුනා ගැනීම වෙනුවෙන් බවයි.

කොරියාවට යන්න බලන් ඉන්න අයට මෙන්න විශේෂ නිවේදනයක්

කොරියාවට යන්න බලන් ඉන්න අයට මෙන්න විශේෂ නිවේදනයක්

එසේම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කවුන්සිලයේ පරික්ෂා කිරීම් සහ බලාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්ෂ ප්‍රගීත් කඩදුන්න මහතා විසින් කියා ඇත්තේ රට පුරා ස්ථාන 05ක මෙම පද්ධති ස්ථාපනය කර තිබෙන බවයි.

ඒ අනුව කල්පිටිය, මන්නාරම, ඩෙල්ෆ්, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන නාවික හමුදා කඳවුරු කේන්ද්‍ර කරගනිමින් මෙම පද්ධති ස්ථාපනය කර ඇති බව සඳහන්.  

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?