පොහොට්ටුවේ ලොක්කෝ දෙන්නෙක්ටත් වැඩ වරදී - හේතුව මෙන්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සහ වර්තමාන මන්ත්‍රිවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ පිස්තෝලයක් ඔලුවට තබා මරණ තර්ජනය කිරීම හා පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
තොරතුරු වාර්තා වෙන ආකාරයට මෙම සිද්ධියට අදාළ මන්ත්‍රිවරුන් දෙදෙනා සපුගස්කන්ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් සහ වර්තමාන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙක්.
එමෙන්ම ඔවුන් දෙදෙනා ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ බව පොලීසිය පැවසූ බව සඳහන්.