ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශක දෙකම ඉහළට

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශක සිකුරාදා පෙරවරුවේ ඉහළ යමින් ගනුදෙනු වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 79.28කින් ඉහළ ගොස් ඒකක 21,474.39ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 0.37ක ඉහළ යාමකි.

මේ අතර, වඩාත් ද්‍රවශීලී S&P SL20 දර්ශකයද ඒකක 27.95කින් හෙවත් සියයට 0.47කින් ඉහළ ගොස් ඒකක 6,023.20ක් ලෙස සටහන් විය. ASPI දර්ශකයේ ඉහළ යාමට හැටන් නැෂනල් බැංකුව, ඩයලොග් ආසියාටා, රෝයල් සෙරමික්ස් ලංකා, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, සන්ෂයින් හෝල්ඩින්ග්ස් සහ සම්පත් බැංකුව ඇතුළු සමාගම් කිහිපයක් ධනාත්මක දායකත්වයක් ලබා දී තිබේ.

එහිදී හැටන් නැෂනල් බැංකුවේ කොටස් මිල සියයට 0.66කින් ඉහළ ගොස් රුපියල් 379.75ක් වූ අතර, ඩයලොග් ආසියාටා කොටසක් රුපියල් 46.90ක් ලෙස සියයට 0.86කින් ඉහළ ගියේය. රෝයල් සෙරමික්ස් ලංකා කොටස් මිල සියයට 2.51කින් ඉහළ ගොස් රුපියල් 49.10ක් වූ අතර, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සියයට 1.85කින් ඉහළ ගොස් රුපියල් 124.00ක් විය. එමෙන්ම, සන්ෂයින් හෝල්ඩින්ග්ස් කොටස් මිල සියයට 2.08කින් ඉහළ ගොස් රුපියල් 29.40ක් වූ අතර, සම්පත් බැංකුවේ කොටස් මිල සියයට 0.18කින් ඉහළ ගොස් රුපියල් 139.00ක් ලෙස සටහන් විය.

මහනුවර ජනතාවට සුභ ආරංචියක් - වසර දෙකක් තුළ රජයෙන් දෙන්න යන තෑග්ග මෙන්න

මහනුවර ජනතාවට සුභ ආරංචියක් - වසර දෙකක් තුළ රජයෙන් දෙන්න යන තෑග්ග මෙන්න

මේ අතර, කොමර්ෂල් ඩිවලොප්මන්ට් සමාගමේ කොටස් මිල සියයට 2.51කින් පහළ ගොස් රුපියල් 35.00ක් වූ අතර, එය ASPI දර්ශකයට ප්‍රධාන ඍණාත්මක දායකත්වයක් ලබා දුන් සමාගමක් විය.

සිකුරාදා පෙරවරුව වනවිට වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 248.3ක් වූ අතර, එම පිරිවැටුම සඳහා වැඩිම දායකත්වයක් ලබාදී ඇත්තේ ද්‍රව්‍ය (Materials) අංශය වන අතර එහි පිරිවැටුම රුපියල් මිලියන 108.98ක් ලෙස සටහන් විය.

කොටගල ප්ලාන්ටේෂන්ස් අනුබද්ධ සමාගමක් සමඟ ඒකාබද්ධ වීමට සැරසෙයි මේ අතර, කොටගල ප්ලාන්ටේෂන්ස් සමාගම තමන්ට සියයට 99.999ක හිමිකාරීත්වයක් පවතින Rubber and Allied Products (Colombo) සමාගම සමඟ ඒකාබද්ධ වීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත්, මෙම ඒකාබද්ධ කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කොටස් හිමියන්ගේ අනුමැතිය ලබාගැනීම අවශ්‍ය බව සමාගම සඳහන් කර ඇත. යෝජිත ඒකාබද්ධ කිරීම යටතේ Rubber and Allied Products සමාගමේ සුළුතර කොටස් හිමියන් සතුව පවතින කොටස් 9 සඳහා කොටසකට රුපියල් 8.10ක මුදල් ප්‍රතිලාභයක් ලබාදීමට නියමිතය. ඒ සමඟම, මව් සමාගම වන කොටගල ප්ලාන්ටේෂන්ස් සතු එම අනුබද්ධ සමාගමේ කොටස් අවලංගු කිරීමට නියමිත බවද වාර්තා වේ.

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාව ගැන තීරණාත්මක අනාවරණයක් - බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 6ක් හෙළිවේ

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාව ගැන තීරණාත්මක අනාවරණයක් - බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 6ක් හෙළිවේ