ළමා නිවාසයක 16 හැවිරිදි දරුවෙකුට වධහිංසා කළ පාලිකාව අත්අඩංගුවට

Report

මහනුවර, මයිලපිටිය ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක නේවාසිකව සිටින 16 හැවිරිදි පිරිමි ළමයෙකුට අනුරූප විරහිත ලෙස වධහිංසා පැමිණවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ළමා නිවාසයේ පාලිකාව සහ ඇගේ සැමියා තලාතුඔය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් විසින් අදාළ පිරිමි දරුවාගේ රහස් ප්‍රදේශයට මිරිස් කුඩු දමා අමානුෂික ලෙස හිංසා කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. වධහිංසාවට ලක්වූ බාලවයස්කාර දරුවා ප්‍රථමයෙන් මාරස්සන රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට

අත්අඩංගුවට ගත් පාලිකාව සහ ඇගේ සැමියා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සක්‍රීයව සිදු කරනු ලබයි.

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාව ගැන තීරණාත්මක අනාවරණයක් - බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 6ක් හෙළිවේ

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාව ගැන තීරණාත්මක අනාවරණයක් - බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 6ක් හෙළිවේ