කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දුට ආබාධ හේතුවෙන් එංගලන්ත T20 තරගාවලිය අහිමි වෙයි
By Malith Madushan
එංගලන්ත සංචාරයේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලිය අතරතුරදී සිදුවූ ආබාධ හේතුවෙන් මෙම ක්‍රීඩකයින් දෙදෙනා තවදුරටත් ප්‍රතිකාර කටයුතුවල නිරතව සිටීම ඊට හේතුවයි.
ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් විස්සයි විස්ස සංචිතයේ වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා.
කුසල් මෙන්ඩිස් වෙනුවට පවන් රත්නායක සංචිතයට කැඳවා ඇති අතර, බිනුර ප්‍රනාන්දු වෙනුවට දිල්ෂාන් මධුශංක සංචිතයට එක්කර තිබෙනවා. කුසල් මෙන්ඩිස්ගේ නොපැමිණීම හේතුවෙන් එංගලන්තයට එරෙහි විස්සයි විස්ස තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් දරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.