අල්ලස් වරදක් සම්බන්ධයෙන් පොලිස් සැරයන් දෙදෙනෙක් අත්අඩංගුවට

Sri Lanka Police Bribery Commission Sri Lanka Law and Order Latest Headlines Sinhala news
By Shehan Jun 21, 2025 03:00 PM GMT
Shehan

Shehan

Report

අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අද (21) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කරනු ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකි.

බදුල්ල දුන්හිද ප්‍රදේශයේ බස් රථ අනතුරක් 3ක් මරුට 34ක් රෝහලට [UPDATE -

බදුල්ල දුන්හිද ප්‍රදේශයේ බස් රථ අනතුරක් 3ක් මරුට 34ක් රෝහලට [UPDATE -

වැලි ප්‍රවාහනය සම්බන්ධ ව්‍යාපාරික කටයුතු කරදරයකින් තොරව ඉදිරියට ගෙන යාමට සහ එම කටයුතු නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සිදු කිරීමට ඉඩ සැලසීම සඳහා, එම නිලධාරීන් දෙදෙනා අදාළ පුද්ගලයාගෙන් රුපියල් 25,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇත.

විදුලි ඒකකයක් රු,14කින් අඩුවේ. නවතම ගාස්තු මෙන්න

විදුලි ඒකකයක් රු,14කින් අඩුවේ. නවතම ගාස්තු මෙන්න

ඒ අනුව, ලැබුණු පැමිණිල්ලක් මත, අල්ලස් මුදල් ඉල්ලීම, ලබා ගැනීම සහ එයට අනුබල දීම යන චෝදනා යටතේ මෙම පොලිස් සැරයන්වරුන් දෙදෙනා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දුඹුරු සීනි කන අය බලාගෙන - මිලත් වැඩි, සෞඛ්‍යයත් බිලි

දුඹුරු සීනි කන අය බලාගෙන - මිලත් වැඩි, සෞඛ්‍යයත් බිලි

ReeCha