උසස් පෙළ ලියූ දරුවන්ට සුභ ආරංචියක්
පසුගිය වර්ෂය උසස් පෙළ සඳහා පෙනී සිට ඒ වෙනුවෙන් දක්ෂතා දැක්වූ දරුවන් හට සුවිශේෂී අවස්ථාවක් හිමි වී තිබේ. ඒ පිළිබඳව දැනුවත් කිරීමටයි මේ සූදානම.
2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේ දී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කර තිබෙන අතර, එහි සමාරම්භක උත්සවය හෙට (22) කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චියේ දී පැවැත් වෙනවා
. 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට කුසලතා දැක් වූ සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනෙකු බැගින් තෝරාගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙම වැඩසටහන යටතේ සිදුකරනු ලබනවා.