වැට් නොගෙවූ ඇලෝසියස්ගේ දේපළ රාජසන්තකයි?
නව රජය බලයට පත්වීමත් සමඟ බොහෝ දූෂණ වංචා සිදුකෙරූ ප්‍රසිද්ධ දේශපාලඥයා සහ ව්‍යාපාරිකයන් ඇතුළු සියලුම දෙනාට දඬුවම් පැමිණවීමට නීතිය ක්‍රියාත්මක කළා.ඉතින් මේ කියන්න යන්නෙත් ඒ විදිහට රජය නැවත වතාවක් ක්‍රියාත්මක කරන්න යන වැඩ පිළිවෙලක් පිළිබඳවයි.
ඒ අනුව රුපියල් බිලියන 4.3 ක වැට් බදු ගෙවීම පැහැර හැර තිබෙන සමාගම් පහක අධ්‍යක්ෂවරුන්ගේ දේපළ රජයට පවරා ගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු- කරමින් සිටින බව වාර්තා වේ. මෙම සමාගම් අධ්‍යක්ෂකවරු අතර, ඩබ් මෙන්ඩිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් ද සිටියි.
ඒ අනුව, බදු ගෙවීම පැහැර තිබෙන මෙම සමාගම් අධ්‍යක්ෂවරුන්ගේ දේපළ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශන අරඹා ඇති බව වාර්තා වේ.