තුසිත හල්ලොලුවට ඇප [VIDEO]

Sri Lanka Magistrate Court Law and Order Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 20, 2025 06:33 AM GMT
Hashini

Hashini

Report

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා.

ඔහු කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (20) ඉදිරිපත් කරනු ලැබුවා.

එම අවස්ථාවේදී රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරිමටයි මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත්තේ.

පහේ ශිෂ්‍යත්වය ගැන තීරණාත්මක දැනුම් දීමක්

පහේ ශිෂ්‍යත්වය ගැන තීරණාත්මක දැනුම් දීමක්

 

ඔහුට අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ඔහු ප්‍රකාශ කළ අසත්‍ය/අවමන් සහගත ප්‍රකාශ සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් මත CID වෙත ද ඔහු ඉදිරිපත් කෙරුණා.

2017–2019 කාලයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස සේවයේ සිටි අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රාජ්‍ය දේපළක් රු. 478,000 ක වටිනා “iPhone” සහ “MacBook” සාපරාධී ලෙස වැරදි ප්‍රයෝජනිකරණය කිරීම පිළිබඳ චෝදනා අසුකරමින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.

අගමැති වෙනස් වෙයිද ? හරිනිගෙන් පිළිතුරු

අගමැති වෙනස් වෙයිද ? හරිනිගෙන් පිළිතුරු

   


ReeCha