සත්ත්ව කරුණාවෙන් අයතා ප්‍රයෝජන ගන්න ගිය පොලිස් නිලදරුවන් දෙදෙනාට වැඩ වරදී ...

By Piyumika Jan 13, 2025 04:08 AM GMT
Report

බලපත්‍ර සහිතව සතුන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් නවතා සත්ත්ව හිංසාව යටතේ නඩු පවතින බවට බියගන්වා රුපියල් එකොළොස් දහසක මුදලක් බලෙන් ලබාගත් බව කියන පොලිස් සැරයන් දෙදෙනෙක් සහ කොස්තාපල් වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

අවධානයෙන් ඉන්න මෙන්න මේ ප්‍රදේශවලට පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්...

අවධානයෙන් ඉන්න මෙන්න මේ ප්‍රදේශවලට පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්...

මෙසේ වැඩ තහනමට ලක් කර වීරවිල පොලිසියට අනුයුක්තව රාජකාරිය කළ පොලිස් සැරයන් දෙදෙනෙක් සහ කොස්තාපල්වරු දෙදෙනෙකි.

මෙම නිලධාරින් සිව්දෙනා ඉකුත් (10) දින වීරවිල හුළංනුගේ ප්‍රදේශයේදී සතුන් ප්‍රවාහනය කරමින් තිබූ බලපත්‍ර සහිත මෙම ලොරි රථය නවතා පරීක්ෂා කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ස්වාභාවික විපතෙන් මිය ගිය ගණන ඉහළට..

ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ස්වාභාවික විපතෙන් මිය ගිය ගණන ඉහළට..

එහිදී මෙම නිලධාරීන් ලොරි රථයේ සිටි පුද්ගලයන්ට සත්ව හිංසාව යටතේ නඩු පවරන බවට බියගන්වා මෙම මුදල් බලෙන් ලබාගෙන ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

You may like this video