ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ස්වාභාවික විපතෙන් මිය ගිය ගණන ඉහළට..

Los Angeles Wildfire Death World
By Piyumika Jan 13, 2025 03:48 AM GMT
Piyumika

Piyumika

Report

ලොස් ඇන්ජලීස් හි පැතිර යන ලැව්ගින්න හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

බලධාරීන් පවසන්නේ අවම වශයෙන් තවත් 16 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බවයි.

මේ අතර ඉරිදා රාත්‍රියේ සිට බදාදා දක්වා වියළි සැන්ටා ඇනා සුළං නැවත ඉහළ යනු ඇති බවත්, එය පැයට සැතපුම් 60 දක්වා වේගයක් ලබා ගන්නා බවත් කැලිෆෝනියාවේ කාලගුණ අනාවැකිකරුවන් අනතුරු අඟවනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ‘පැලිසේඩ්ස්’ සහ ‘ඊටන්’ ගින්න පැතිරීම පාලනය කිරීම යම් ප්‍රගතියක් ලබා ගෙන ඇති බවයි.

දකුණ හෙල්ලූ බිහිසුණු වෙඩි ප්‍රහාරය ...

දකුණ හෙල්ලූ බිහිසුණු වෙඩි ප්‍රහාරය ...

ඇමරිකානු ගිනි නිවන භටයින්ට මෙන්ම සහයට පැමිණ සිටින කැනඩා සහ මෙක්සිකෝ ගිනි නිවන භටයින් මෙම ගින්න තව දුරටත් පැතිරීම වැලැක්වීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව සඳහන්.

මේ අතර ලැව්ගින්නෙන් මියගිය අයගෙන් 16 දෙනෙකු ‘ඊටන්’ ගින්නට හසුව මියගොස් ඇති අතර, අටදෙනෙකු ‘පලිසේඩ්ස්’ ගන්න පැතිරී ගිය කලාපයෙන් හමු වූ බවයි වාර්තා වන්නේ.

ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි තුනක් තවමත් සක්‍රියව පවතින අතර, විශාලතම ගින්න ‘පලිසේඩ්ස්’ බවයි වාර්තා වන්නේ.

එම ගින්න මේ වනවිට අක්කර 23,000 කට වඩා පැතිරී ගොස් ඇති අතර එට 11% ක් පාලනය කර ඇති බව සඳහන්.

‘ඊටන්’ ගින්න දෙවන විශාලතම ගින්න වන අතර, එය අක්කර 14,000 කට වඩා පැතිර ගොස් තිබෙනවා. මෙම ගින්නෙන් 27% ක් පාලනය කර ඇති බවයි ලොස් ඇන්ජලීස් බලධාරීන් සඳහන් කළේ.

හෙට දිනයේදී බන්ධනාගාරගතව සිටින පිරිසකට විශේෂ අවස්ථාවක්..

හෙට දිනයේදී බන්ධනාගාරගතව සිටින පිරිසකට විශේෂ අවස්ථාවක්..

‘හර්ස්ට්’ ගින්න අක්කර 799ක් දක්වා මේ වනවිට වර්ධනය වී ඇති අතර, එය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කිරීමට සමත්ව ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ

කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් පැවසුවේ එය ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ස්වාභාවික විපත විය හැකි බවත්, එමඟින් නිවාස දහස් ගණනක් විනාශ වී ඇති බවයි.

අභ්‍යන්තර කාන්තාරවලින් ආරම්භ වන වියළි සුළං, ගිනිදැල් අවුළුවා, ඉදිරි පෙළට සැතපුම් 2ක් දක්වා ගිනිදැල් හමා යන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඉදිරියේදී නරක අතට හැරෙන කාලගුණික තත්ත්වයන් පිළිබඳව ජාතික කාලගුණ සේවය අනතුරු අඟවා තිබෙන අතර සැන්ටා ඇනා සුළං අඟහරුවාදා උදෑසන දක්වා ඉහළ යනු ඇති බවයි පුරෝකථනය කර ඇත්තේ.

You may like this video

ReeCha