ගුවන් යානා අනතුරින් නියමුවන් දෙදෙනෙකු මිය යයි.
By Hashini
අමෙරිකාවේ නෙවාඩා හි රෙනෝ නගරයේ පැවති ජාතික ශූරතා ගුවන් ධාවන තරඟයේ දී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී තිබනවා.
එම අනතුරෙන් මියගොස් තිබුණේ ගුවන් නියමුවන් දෙදෙනෙක්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් තරඟය අතරතුර යානා දෙකක් ගොඩබෑමට යාමේදී ඒවා එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ අනතුර සම්බන්ධයෙන් එරට ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය, ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහ පළාත් පාලන ආයතනය එක්ව පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි.