අත් බෝම්බයක් සහ පිහියක් පෙන්වා සෙල්ලම් දාපු මංකොල්ලකරුවන්ට අවසානයේ සිදු වූ දේ. (CCTV VIDEO)

Sri Lanka Police Sri Lanka
By Wayomi Mar 14, 2023 07:22 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ(13) තලවතුගොඩ ප්‍රදේශයේ තොග වෙළඳසැලක් මංකොල්ල කෑමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ගිනි අවියක්, අත් බෝම්බයක් සහ පිහියක් පෙන්වා කඩ හිමියන් බිය ගන්වා එම කඩය කොල්ල කෑමට සැරසෙන විට කඩ හිමියන් ඇතුළු කිහිපදෙනෙක් ඔවුන්ට පහර දී අල්ලාගෙන පොලිසියට භාර දුඉන් බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් දෙදෙනා බස්නාහිර පළාතේ විවිධ අපරාධ හා සොරකම් වලට සම්බන්ධ පොලිසිය සොයමින් සිටි පුද්ගලයන් දෙදෙනක් බවයි තලංගම පොලිසිය සඳහන් කළේ.

තලංගම පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ, සැකකරුවන් කුඩු වලට ඇබ්බැහි වී සිටින බවත්, ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කෙරෙන අතර කඩුවෙල උසාවිය වෙත යොමු කිරීමට ක්‍රියා කරන බවයි.      

 

ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්