ඩෙංගු ගැන කියන්න පුද්ගලයන් දෙදෙනෙක්

Ministry of Health Sri Lanka National Health Service Sinhala news
By Mithu Jun 04, 2025 09:08 AM GMT
Mithu

Mithu

Report

ඩෙංගු සහ වසංගත රෝග සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරීම සහ නිල ප්‍රකාශ නිකුත් කිරීම සඳහා නිලධාරීන් දෙදෙනකු පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පියවර ගෙන ඇත.

ඩෙංගු සහ වසංගත රෝග තත්ත්වයන් පිළිබඳව සාවද්‍ය තොරතුරු සමාජගත වීම නිසා සමාජයේ අනිසි බියක් ඇතිවීම වැලැක්වීමත්, නිල නොවන අයුරින් සිදු කරන ප්‍රකාශයන් හේතුවෙන් මාධ්‍යයෙන් වැරදි අර්ථකථනයක් ඉදිරිපත් වීම වැලැක්විමත් යන කරුණු සැලකිල්ලට ගෙන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම පත්කිරීම් සිදු කිරීමට තීරණය කර ඇත.

ReeCha