ඔරුවක් පෙරළීමෙන් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙයි..

Sri Lanka Police Accident Death
By Aruna Oct 09, 2023 03:48 AM GMT
Aruna

Aruna

Report

කාත්තන්කුඩි, නාවලඩි කලපු තීරයේ ඔරුවක කොල්ලෑව කැඩී කලපුවේ පෙරළී ගොස් සිදුවුණ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 18 සහ 19 වයස්වල පසුවන මඩකලපුව සහ මාමන්ගම් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි පැවසෙන්නේ.

පොලිසිය පැවසුවේ, ඊයේ (08) දහවල් කාලයේ නාවලඩි කලපු තීරයේ තරුණයින් හය දෙනෙකු ඔරු පදිමින් සිට ඇති අතර ඔරුවේ කොල්ලෑව කැඩී ඔරුව පෙරළී තිබෙන බවත්, ඉන් සිවු දෙනෙකු බේරාගෙන ඇති අතර මේ දෙදෙනා දියේ ගිලී ගොස් ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ReeCha