පාර්ශව දෙකකට එක්ස්ප්‍රස් පර්ල් නඩුව මැදිහත් වීමට අවසර.

Sri Lanka Supreme Court of Sri Lanka Ship
By Hashini Oct 07, 2023 04:05 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රේෂ්ඨාධිකාරණය විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් අගතියට පත් ධීවර පවුල්වලට වන්දි ගෙවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ගොනු කර තිබෙන මුලික අයිතිවාසිකම් පෙත්සම්වලට මැදිහත් වීමට පාර්ශව දෙකකට ඊයේ (06) අවසර ලබා දී තිබෙනවා.

අවසර ලබා දුන් ආයතන වන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයයි.

මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකාරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගනු ලැබුවා.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු ධීවරයින් පිරිසක් විසින් ගොනු කර තිබෙනවා. 

ReeCha