චමෝදි මිය යාමට හේතු වූ එන්නතම තවත් දෙදෙනෙකුට විෂ වෙයි.

Kandy Sri Lanka Hospitals in Sri Lanka
By Wayomi Jul 17, 2023 07:17 AM GMT
Wayomi

Wayomi

Report

Ceftrexone ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් අනතුරුව මහනුවර ජාතික රෝහලේ රෝගීන් දෙදෙනෙකුටද අසාත්මිකතාවයක් හටගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ, එලෙස අසාත්මිකතාවය ඇති වූ රෝගීන් දෙදෙනාට ප්‍රතිකාර ලබා දෙන අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවයි.

කෙසේ වෙතත් මේ වන විට Ceftrexone ප්‍රතිජීවක මේ වනවිටත් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.

මේ අතර පේරාදෙණිය රෝහලේදී මෙම ඖෂධය ලබාදීමෙන් අනතුරුව මියගිය බවට චෝදනා එල්ලවන සිද්ධිය සම්බන්ධයෙන් පත්කළ විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුව ඊයේ එම රෝහලට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක්ද ආරම්භ කරනු ලැබුවා.