අමාත්‍යවරයෙකුගේ නියෝගයෙන් ඉහළ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ.

Sri Lanka Mahindananda Aluthgama Nikavaratiya ahriculture
By Sewvandhi Feb 19, 2022 05:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිකවැරටිය ප්‍රදේශයේ වී ගබඩා 2ක පරණ වී ගබඩා කරමින් ඇතැයි වයඹ ගොවි සංවිධාන වල ගොවීන්ගෙන් කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලද තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ඇරඹුණා.

ඒ අනුව විගණන නිලධාරීන් සිදුකළ විමර්ශනයේදී හෙලි වුනේ අදාල වී ගබඩා තුළ වී කිලෝග්‍රෑම් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර ඇති අතර ඉන් වී කිලෝග්‍රෑම් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් සත්ත්ව ආහාර සදහා යොදාගැනෙන ඉතාමත් පරණ වී බවයි.

අදාල නිතිවිරෝධී වී මිලදී ගැනීම හා ගබඩා කිරීම සිදුකළ වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමණාකාරවරයා සහ අදාල ගබඩාව භාරව සිටි සහකාර ප්‍රාදේශීය කලමණාකාරවරියගේ සේවය , කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නියෝගයෙන් වහාම තහනමට ලක් කෙරුණා.

නිකවැරටිය ප්‍රදේශයේ ඇති එම වී ගබඩා දෙකම එදිනම විගණන නිලධාරීන් විසින් මුද්‍රා තබා ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද භාර දී තිබෙනවා.

අදාල සිදුවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයෙන්ද පරීක්ෂණයක් සිදුකෙරෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now