ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට තවත් ප්‍රබලයින් දෙදෙනෙකු අත්අඩංගුවට..
ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය අසළ සාමකාමී අරගලයක නිරත වු විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ තවත් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ(16) දින අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා නගර සභා සේවකයෙකු බව සඳහන් වේ.
මීට පෙර ද සිද්ධියට අදාළව මොරටුව නගර සභා සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු,සනත් නිශාන්ත යන හිටපු අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |