තර්ජනය කර කප්පම් ගත් දෙදෙනෙක් ගිනි අවි සමග අත්අඩංගුවට

Police spokesman Sri Lanka Police Crime Sinhala news
By Akash Mar 22, 2025 10:30 PM GMT
Akash

Akash

Report

ව්‍යාපාරිකයින්ට දුරකථනයෙන් තර්ජනය කර අන්තර්ජාලය හරහා මුදල් ලබා ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට ලද පැමිණිලි සම්බන්දව විමර්ශනය කළ පොලීසිය විසින් අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් පෑලියගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට දුරකථනයෙන් තර්ජනය කර අන්තර්ජාලය හරහා රුපියල් ලක්ෂයක් ගිණුම්ගත කරවා ගැනීම ලද පැමිණිල්ලක් විමර්ෂණය කිරීමේදි අදාළ සැකකරුවන්

දෙයියන්දර පොලිස් වසමේ සීනීගල්ල නැගෙනහිර ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අවුරුදු 42 හැවිරිදි සහ 45 හැවිරිදි දෙයියන්දර හා තිස්සමහාරාම ප්‍රදේශවල පදිංචිකරුවන්. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු මත විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ එම පතොරොම් 05ක් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා මිලි මීටර් 09 වර්ගයේ පතරොම් 10ක් පොලිස් භාරයට ගත් බව පොලිසිය සඳහන් කරනවා.

එමෙන්ම සැකකරුවන් විසින් සිදුකර ඇති අපරාධ සම්බන්ධව අනාවරණය කර ගැනීම සඳහා රැඳවුම් නියෝග ලබා ගෙන බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ෂන සිදු කරනවා.

ReeCha