ගාල්ලේ සහ මාදම්පේ සිදුවූ යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Report

ප්‍රදේශ දෙකක සිදුවූ යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත ගාල්ල, අම්බලන්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් හා පාපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව පොලිසිය සදහන් කර තිබේ.

අනතුරින් යතුරුපැදිකරු හා පාපැදිකරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී පාපැදිකරු මියගොස් තිබේ.

   මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි ගාල්ල, අම්බලන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් වේ.

මේ අතර මාදම්පේ, තඹගල්ල ප්‍රදේශයේදී ද ලොරි රථයක් හා යතුර පැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇත