ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශිරාන් බාසික් සියල්ල වමාරයි - ත්‍රස්ත සංවිධාන කීපයක් ගැන හෙළි වේ

Report

ඩුබායි සිට මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා ත්‍රස්ත සංවිධාන සමඟ ගනුදෙනු කර ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.

ඊයේ (15) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, දැනට විදෙස්ගතව සැඟව සිටින සහ ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු වරෙන්තු නිකුත් කර ඇති තවත් අපරාධකරුවන් 72 දෙනෙකු දිවයිනට රැගෙන ඒම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවයි.

මේ ප්‍රදේශයට එන අයට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් - විශේෂ රථවාහන සැලැස්මක්

මේ ප්‍රදේශයට එන අයට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් - විශේෂ රථවාහන සැලැස්මක්

මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ශිරාන් බාසික්ගෙන් පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබාගෙන තිබේ.

අබුඩාබි නුවර සිට ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන එනු ලැබූ 48 හැවිරිදි මොහු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ඔහු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරයට පත්කර ඇත.

මෙරටට මත්ද්‍රව්‍ය සපයන ප්‍රධාන පෙළේ මහා පරිමාණ ජාවාරම්කරුවන් පස්දෙනාගෙන් එක් අයෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික්, ජාත්‍යන්තර පොලීසිය මඟින් නිකුත් කර තිබූ රතු නිවේදනයකට අනුව පසුගිය මැයි 26 වනදා ඩුබායි හිදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මීට පෙර, 2024 වසරේ ජනවාරි 01 වනදා ශිරාන් බාසික් නැමැත්තාට අයත් බව කියන දෙහිවල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් ද පොලීසිය විසින් කඩා ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

කිලෝමීටර 51 ක් ගැඹුරින් පොළොව දෙදරවමින් දරුණු භූමිකම්පාවක්

කිලෝමීටර 51 ක් ගැඹුරින් පොළොව දෙදරවමින් දරුණු භූමිකම්පාවක්