මාඔයේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකුට අවාසනාවන්ත ඉරණමක් - එක් අයෙක් මරුට
By Malith Madushan
මීරිගම, මදුරුපිටිය ප්රදේශයෙන් ගලා බසින මාඔයේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු දියේ ගිලීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබේ. පොලිසිය පැවසුවේ ඊයේ (15) පස්වරුවේ මෙම තරුණයින් තිදෙනා මාඔයේ දියනෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.
දියේ ගිලුණු තරුණයින් දෙදෙනෙකු ප්රදේශවාසීන් විසින් බේරාගෙන දඹදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ. කෙසේ වෙතත්, බරපතළ තත්ත්වයේ පසුවූ 19 හැවිරිදි තරුණයෙකු ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඔහු මීරිගම ප්රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර, අනතුරින් පසුව අතුරුදන්ව සිටින අනෙක් තරුණයා සොයා මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මකයි. මීරිගම පොලිසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සහ ප්රදේශවාසීන් එක්ව අතුරුදන් වූ තරුණයා සොයා මෙහෙයුම් සිදුකරමින් සිටින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.