අධිවේගයේ දින දෙකක ආදායම හිතාගන්නවත් බෑ
දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේග මාර්ගවලින් පසුගිය දින දෙකේදී රජය (11සහ12) රුපියල් කෝටි 10 ඉක්මවූ ආදායමක් උපයාගෙන ඇතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂවරයා පවසයි.
ඉදිරි දිනවලදී තවත් එවැනිම ආදායමක් උපයා ගැනීමට නියමිතයි.
දක්ෂිණ අධිවේගයෙන් දින දෙකක් වැනි කෙටි කාලයකින් මෙවැනි ආදායමක් ලැබීම සුවිශේෂි කරුණකි.
මේ අතර අධිවේගී මාර්ගයේදී රිය ධාවනයේදී වේග සීමා නිසියාකාරව අනුගමනය කරන ලෙස අධිවේගී මාර්ග අධ්‍යක්ෂ සියලු රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
මේ උත්සව සමයේ අධික වේගගෙන් බීමති රිය නොපදවීමට සියලු රියදුරන් වග බලා ගත යුතු වේ.