දරුවන් දෙදෙනෙකු සහ කාන්තාවන් පැහැරගෙන යමින් සිටියදී බේරාගැනේ..!
පොලීසිය විසින් පවුල් ආරවුලක් මත කාන්තාවක් සහ දරු දෙදෙනෙක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට වූ ගැලනිගම පිවිසුමේදීය.
37හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් සහ ඇයගේ වයස අවුරුදු 7ක් සහ 15 වියැති දරු දෙදෙනායි මෙලෙස පැහැරගෙන යමින් සිට ඇත්තේ.
මේ වන විට වනවිට අනාවරණය වී ඇත්තේ, එම කාන්තාවගේ පළමු විවාහයේ සැමියා මිය යාමෙන් අනතුරුව ඇය වෙනත් පුද්ගලයෙකු සමග කලක් වාසය කර ඇති බවත් පසුව ඇතිවූ අමනාපයක් මත ඔහුගෙන් වෙන්වූ එම කාන්තාව මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු සමග නිත්‍යානුකූලව විවාහ වී ඇති බවත් ය.
අනතුරුව ඔවුන් ගාල්ල තල්පේ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇත. කෙසේ වෙතත් ඔහු සමඟ ද ඇතිවූ ආරවුලක් මත මෙම කාන්තාව දරු දෙදෙනා සමග බණ්ඩාරගම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට තිබේ.
එසේ සිටියදී තවත් පුද්ගලයෙකු සමග මෝටර් රථයකින් පැමිණි සැකකරු එම නිවසට කඩා වැදී තර්ජනය කර පැහැරගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයට රථය ඇතුල් කිරීමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේදී ගැලනිගම අධිවේගී පිවිසුමේ මෝටර් රථය නවත්වනවාත් සමගම කාන්තාව මෝටර් රථය තුළ සිට "මාව බේරා ගන්න" යනුවෙන් කෑගසා තිබේ.
එම අවස්ථාවේ ගැලනිගම අධිවේගී පිවිසුමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන් සුජීව මහතා විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී මෝටර් රථය නවතා එය පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇත.
අනතුරුව සැකකරුවන් දෙදෙනා සමග මෝටර් රථය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බණ්ඩාරගම පොලීසිය වෙත භාරදී ඇති අතර මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පවුල් ආරවුල හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවය.
මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී මන්නයක් ද සොයාගෙන තිබේ.
බණ්ඩාරගම පොලීසිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
